
වර්තමානය වන විට පරිගණකය නැතුවම බැරි උපාංගයක් බවට පත්වී හාමාරයි. නමුත් ඔබට කවදා හෝ සිතුනද පරිගණක තිරය නිසා අපේ ඇසට සිදුවන හානිය ගැන, අපේ ශරීරයේ ඇති වැදගත්ම අවයවය වෙන්නේ ඇස. පරිගණක තිරයෙන් ඔබේ ඇසට ඇතිවන බලපෑම පරිගණකයක් භාවිතා කරන ඔබ සැමටම ඇති බව මා විස්වාස කරනවා. මේ නිසා පරිගණකයෙන් ඇසට සිදුවන හානිය හා ඒවාට කළ හැකි පිළියම් මොනවද කියලා බලමු.
මේ සදහා තියෙන ප්‍රදාන රෝග ලක්ෂණ.
ප්‍රදානම කරුණ වෙන්නේ ඇසෙහි වේදනාව බොහෝ වෙලාවක් පරිගණක තිරය දෙස බලා සිටීම මෙයට ප්‍රදානම හේතුවයි.
01 යමක් දෙස එක එල්ලේ බැලීමේදී සුළු වෙලාවක් බොදවී පෙනීම.
02 ඇස වියලීම හා රතු වීම.
03 යමක් දෙස බලන විට ඒ වස්තුව දෙකක් වී පෙනීම.
04 හිසරදය ඇතිවීම.
05 නළලේ දෙපසින් ඇතිවන වේදනාව.
06 ආලෝකයක් දෙස බලන විට වේදනාවක් ඇතිවීම.
මෙවැනි රෝග ලක්ෂණ ඔබටත් තිබෙනවානම් අනිවාර්යෙන්ම ඔබේ පරිගණකය ඔබේ දසට සුදුසු ආකාරයට සකසා ගත යුතුය. එය කරන්නේ කෙසේදැයි ඊළගට විමසා බලමු.
ප්‍රදානම කාර්ය වෙන්නේ නිසියාකාරව පරිසරය සකස්කරගන්න එක. මෙහිදී පරිගණකයේ අක්ෂරවල විශාලත්වය ඇසට හොදින් පෙනෙන ආකාරයට සකස් කරගන්න.

පරිගණක තිරයේ Resolution වෙනස් කිරීමෙන් මෙය වෙනස් කිරීමට පුළුවන්. අන්තර්ජාලයේ සැරිසරන්නේ නම් වෙබ් පිටුවේ ඇති අකුරු කුඩා නම් Ctrl හා + එබීම මගින් අකුරුවල විශාලත්වය වෙනස් කිරීමට පුළුවන්.
මීලග කරණය වෙන්නේ පරිගණක තිරය දෙස බල සිටින විට ඔබ ඇස් පිල්ලම් ගැසීමේ වාරගනනද අඩුවීමයි. එවිට දෑස වියලීමට ලක්වී රතු පැහැ ගැන්වේ. ඒ නිසා ඔබේ පරිගණක තිරය දැස් මට්ටමට වඩා පහලින් තබාගන්න. එසේ නැත්නම් ලැප් ටොප් පරිගණකයක් භාවිතා කරනවා නම් පහත රූපයේ ආකාරයට සිටින්න.

මි ළගට ඔබේ අවට ආලෝකය නිසියාකාරව පවත්වා ගැනීමද සුදුසුය. ඊට අමතරව පරගණක තිරයේ ආලෝකයද ඈසට හිතකර ආකාරයට සකසා ගන්න. ඒ සදහා මොනිටර් හි setting> Brightnes සමබරව තාබාගන්න.

0 comments:
Post a Comment