මේම කුඩා ක්රියාකාරකම හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නේ තෙවන පාර්ශවීය මෘදුකාංග වලින් තොරව සරළම හා පහසුවෙන් ඔබේ Windows 7 පරිගනකයේ logon screen background එක වෙනස් කරගන්නා ආකාරයයි. ඔබ කල යුත්තේ Registry file එකක් වෙනස් කර, නිසි ස්ථානයට, නිසි ප්රමාණයේ .jpg image එකක් copy කිරිම පමණි
➦Registry values වෙනස් කිරිම
පළමුව ඔබ start click කර regedit ලෙස type කල යුතුය. එවිට search results හි regedit නමින් Registry editor දක්නට ලැබේ. එය click කර Regidtry editor open කර ගන්න.
Regidtry editor හි වම්පස Navigation මෙනුවෙන් පහත ස්ථනයට පිවිසෙන්න.
HKEY-LOCAL-MACHINE\SOFTWARE\Microsoft\windows\current version\Authentication\Logon Ul\Background
මේහිදි ඔබට දකුණු පස OEMbackground ලෙස DWORD value එකක් දක්නට ලැබෙනු ඇත. එසේ නොමැති නම්, එම ප්රදේශය right click කර, New DWORD (32-bit) හරහා OEMbackground නමින් නව DWORD එකක් නිර්මාණය කරගන්න. අවසානයේ OEMbackground Double click කරන්න.
එහි value data හි අගය 0 ලෙස තිබෙනු ඔබට දර්ශනය වේ.එය 1ක් බවට පත්කර ok කරන්න.
ඔබ පරිගණකයේ Theme එක වෙනස් කළ විට මෙය ස්වයංක්රියවම 0 වන බැවින් පරිගණැකයේ Theme එක වෙනස් කල අවස්ථාවකට පසු මෙය නැවත සැකසිය යුතුය.
➦image එක යෙදිම
Logon background ලෙස යෙදිමට හැක්කේ 256kb වලට වඩා ධාරිතාවයෙන කුඩා .jpg image පමණි. එබැවින් ඔබේ Display resolution වලට ගැලපෙන, එම ප්රමාණයට අඩු image එකක් සකස් කරගන්න. මෙය Display resolution වලට සමාන හෝ ආසන්න නොවුවොත් ඉමේජය ඇදිගිය ස්වභාවයක් පෙන්නුම් කරනු ඇත.
පරිගණකයේ ඕනම තැනක New folder එකක් නිර්මාණය කර එය "info" ලෙස නම් කරන්න. එම Folder එක තුළ "Background" ලෙස තවත් Folder එකක් නිර්මාණය කරන්න "Background" folder එක තුළට ඔබ තෝරාගත් image එක copy කර එය backgroundDefault ලෙස rename කරන්න.
දැන් ඔබ කල යුත්තේ C:\windows\system32\oobe තුළට ඔබේ "info" folder එක copy කිරිමයි. බොහෝ විට ඔබට warning එකක් ලැබෙනු ඇති අතර contiune හෝ yes මගින් ඒවායෙන් ඔබ්බට ගමන් කළ හැකිය.
දැන් ඔබ ඔබේ පරිගණැකයේ Logon screen එක වෙනස් කර අවසානයි. Start වෙත ගොස් shutdown මෙනුවේ අති lock විධානය ලබාදිමෙන් ඔබට වෙනස් වු Logon screen එක දර්ශනය කරගත හැකිය.
0 comments:
Post a Comment