මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ටික කලකට පෙර හදුන්වාදුන් මෙහෙයුම් පදිධති අතරින් බොහෝ දෙනා අතර ජනප්‍රිය වී ඇති මෙහෙයුම් පදිධතියක් ලෙසින් වින්ඩෝස් සෙවන් හැදින්විය හැකිය. මෙහි පරිගණකයේ ඩෙස්ක්ටොප් ඒරියා එක අලංකාර කරගැනිමට තීම්ස් කිහිපයක් ලබාදි තිබෙයි. නමුත් අපට නොපෙනෙන තිම්ස් කිහිපයක්ද තිබෙයි. මෙම ලිපියෙන් අප ඉදිරිපත් කරන්නේ එම තිම්ස් යොදාගෙන ඔබගේ පරිගණකය අලංකාර කරගන්නා ආකාරයයි.
United States, Australia, UK, Canada, South Africa යනු සැගවි ඇති මෙවන් තිම්ස්වලින් කිහිපයකි. පහතින් දැක්වෙන්නේ මෙම තිම්ස් අන්ලොක් කරගන්නා ආකාරයයි. පළමුවෙන්ම Windows explorer වැඩසටහන විවෘත කරගෙන එහි ඇති Organize නම් ඩ්‍රොප්-ඩවුන් මෙනුව ක්ලික් කරන්න. පසුව Folder and search options යන විදානය ක්ලික් කරන්න. එවිට පහතින් දැක්වෙන සංවාද කොටුව ලැබෙයි. එහි View ටැබ් එක ක්ලික් කර Show hidden files and folders යන විධානය හා Hide protected operating system files (Recommended) යන විධාන සියල්ලම අක්‍රිය කරගන්න. එවිට පණිවිඩයක් දර්ශනය වන අතර එහි අති OK බට්න් එක ක්ලික් කරන්න.
පසුව පරිගණකයේ C:\ ඩ්‍රයිව් එක විවෘත කරගන්න. පසුව එහි ඇති Windows ෆෝල්ඩර්ස් විවෘත කරගන්න. පෙර අවස්තවේ දක්නට නොලැබුණු සැගවි ඇති ෆයිල්ස් හා ෆෝල්ඩර්ස් බොහොමයක් මෙම අවස්ථාවෙදි ඔබට දර්ශනය වෙයි. පසුව වින්ඩෝස් ෆෝල්ඩරයේ අති Globalization ෆෝල්ඩරය විවෘත කරගන්න.
මෙම Globalization ෆෝල්ඩරය තුල MCT යනුවෙන් තවත් ෆෝල්ඩරයක් දැකගත හැකිය. මෙය තුල ඉහතින් සදහන් කර්න ලද තිම්ස්වලට අදාළ ෆෝල්ඩර්ස් සියල්ල දැකගත හැකිය. උදාහරණයක් ලෙස MCT-AU යන ෆෝල්ඩරය තුළ Australia යන තිම් එක තිබෙයි.
මෙසේ යම් තිම් එකකට අදාළ ෆෝල්ඩරයක් විවෘත කරගත් පසුව එම ෆෝල්ඩරය තුළ Theme යනුවෙන් තවත් ෆෝල්ඩරයක් තිබෙයි. පසුව එය මත ඩබල් ක්ලික් කරන්න. පසුව එය පරිගණකයේ ස්ථාපිත වෙයි. දැන් personalization යන්න ක්ලික් කළවිට පෙර දක්නට ලැබුනු තිම්ස් අතරට නව තිම් එකද දක්නට ලැබෙයි.
අවසානයේදි නැවතත් Organize යන ස්තනයට පිවිස ඔබ සිදුකරන ලද වෙනස්කම් අවශ්‍ය නම් ඉවත් කරගන්න. පහතින් දැක්වෙන්නේ මෙම සැගවුණු තීම්ස් කිහිපය personalization සංවාද කොටුව තිළ දර්ශනය වන ආකාරයයි.
0 comments:
Post a Comment