මෙය අපට ලබාගත හැකි ප්රයෝජනවත් පහසුකමක් වුවද ඇතැම් අවස්ථාවලදි මෙය කාලය වැයවන තරමක් කරදරකාරි වුවකි. එවන් අවස්ථවලදි මෙම පහසුකම ඉවත් කරගන්නා ආකාරය මෙම ලිපියෙන් ඔබට දැනගත හැකිය. රිමූවබල් ඩ්රයිව්ස්වල ඇති ෆයිල් සිස්ටම් එකෙහි දෝෂ මෙමගින් යථා තත්වයට පත්කරගත හැකිය. පරිගණකයට සම්බන්ධ කර ඇති මෙවන් රිමූවබල් ඩ්රයිව් එකක් පරිගණකයෙන් ඉවත් කරගැනිමෙදි safely remove ක්රියාමාර්ගය අනුගමනය කිරිමෙන් එවා ඉවත් කරගත යුතුය. එසේ නොවුන අවස්ථාවලදි මෙම සංවාද කොටුව දර්ශනය වෙයි. වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතියේ ඇති මෙම scan and fix පහසුකම අක්රිය කරගැනිම මගින් එවායේ AutoPlay පහසුකම ද නතර වෙයි.
මෙම AutoPlay පහසුකම නතර කරගැනිම සදහා පළමුවෙන්ම ස්ටාට් මෙනුව ලබාගෙන එහි පහළින් ඇති සෙවුම් කවුළුව තුල msconfig යනුවෙන් ටයිප් කරන්න.
පසුව ලබෙන සංවාද කොටුවේ ඇති services ටැබ් එක ක්ලික් කරන්න. පසුව පහළින් ඇති Shell Hardware Detection පහසුකම අක්රිය කරගන්න.
නැවතත් ස්ටාට් මෙනුව විවෘත කර සෙවුම් කවුළුව තුළ services.mcs යනුවෙන් ටයිප් කර්න්න. පසුව Shell Hardware Detection යන්න ඔබට දර්ශනය වන ලැයිස්තුවෙන් සොයාගන්න. පසුව එය මත ඩබල් ක්ලික් කර general ටැබ් එක ක්ලික් කර stop යන්න ක්ලික් කරන්න.
Staryup type යන ඔප්ෂන් එක disabled ආකාරයෙන් තබන්න. අවසානයේ OK බොත්තම ක්ලික් කරන්න. අවසානයෙදි පෙන් ඩ්රයිව් එකක් වැනි රිමූවබල් ඩ්රයිව් එකක් පරිගණකයට සවිකර බලන්න. ඉහතින් සදහන් කරන ලද පහසුකම කිසිවක් මේ අවස්ථවේදි ක්රියාත්මක නොවන බව ඔබට දක්නට ලැබේවි.
0 comments:
Post a Comment