Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Sunday, June 1, 2014

Removable Drive-එකක-අයිකනයේ-හැඩය-වෙනස්-කරමු


වර්තමානයේ පරිගණකයක ඇති දත්ත වෙනත් පරිගණැකයකට රැගෙන යාම සදහා වැඩි වශයෙන් යොදාගැනෙන්නේ පෙන් ඩ්‍රයිව්ස්, සී.ඩී ආදියයි. මෙවා අතරින් පෙන් ඩ්‍රයිව් බොහෝදෙනා පාවිච්චි කරන්නේ එවා පහසුවෙන් රැගෙන යාමට හැකිවිම හා වැඩි දත්ත ප්‍රමාණයක් තැන්පත් කළ හැකි නිසාය. මෙම උපාංග පොදුවේ හදුන්වන්නේ රිමූවබල් ඩ්‍රයිවිස් වශයෙනි. මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්නේ මෙවන් රිමූවබල් ඩ්‍රයිව් එකක අයිකනයේ ස්වරූපය වෙනස් කරගන්නා ආකාරයයි. පළමුවෙන්ම ඔබට අවශ්‍ය අයිකනය නිර්මණය කරගත යුතුය. මෙහිදි අන්තර්ජාලයෙන් ඔබට අවශ්‍ය අයිකනයක් පහසුවෙන් සොයගත හැකිය.

නැතිනම් ඔබගේ පරිගණකයේ අති යම් ජායාරූපයක් ෆොටෝෂොප් වැනි මෘදුකාංගයක් යොදාගෙන අවශ්‍ය ආකාරයට සකසාගත හැකිය. නමුත් මෙ සදහා යොදාගන්නා අයිකනය පික්සෙල්ස් 32 ක ප්‍රමානයෙන් යුතු සමචතුරස්‍රාකාර එකක් විම වැදගත්ය. එසේ අවශ්‍ය අයිකනය නිර්මණය කරගැනිමෙන් පසුව Notepad මෘදුකාංගය විවෘත කරගෙන ඔබ නිර්මණය කරගත් අයිකනය විවෘත කරගැනිමට අශාළ Autorun ෆ්යිල් එක සාදාගත යුතුය. මෙය සිදුකරන්නේ පහතාකාරයෙනි.



  1. පළමුවෙන්ම Notepad මෘදුකාංගය තුළ පළමු පේළියේ [AutoRun] යනුවෙන් ටයිප් කරන්න.

  2. දෙවන පේළියේ ඔබගේ රීමුවබල් ඩ්‍රයිව් එකෙහි නාමය ලබාදෙන්න. මෙහි ලබාදිය යුත්තේ Label=Name ආකාරයෙනි. මෙහි Name එක වශයෙන් My USb Drive හෝ ඔබ කැමති නමක් ලබාදිය හැකිය.

  3. පසුව ඔබ නිර්මණය කරගත් අයිකනයේ නාමය ලාබාදිය යුතුය. මෙය සිදුකරන්නේ ICON = your-icon-file.ico ආකාරයටයි. ඔබගෙ අයිකනයේ නාමය සේව් කිරිමේදි එහි එක්ස්ටෙන්ෂන් එක අනිවාර්යයෙන්ම .ico යනුවෙන් ලබාදිය යුතුය. උදාහරණයක් ලෙස එහි නාමය photo නම් එහි එක්ස්ටෙන්ෂන් එක photo.ico යනුවෙන් ලබාදිය යුතුය. මෙ අනුව නෝට්පෑඩ් වැඩසටහන තුල ICON=photo.ico යනුවෙන් කෝඩ් එක ලබාදිය යුතුය. පසුව File > Save As විධානය ලබාදෙන්න. Change the file type යන්න ඉදිරියෙන් All යන්න තෝරාගෙන එහි නාමය AUTORUN.inf යනුවෙන් ටයිප් කරන්න. අවසානයේදි නෝට්පෑඩ් තුල ඔබ ට්යිප් කළ කේත සියල්ල මෙසේ විය යුතුය.

[AutoRun]
label=My USB Drive
ICON=photo.ico

අවසානයේදි පෙන් ඩ්‍රයිව් එක ඉවත් කර නවතත් පරිගණකයට සවිකරගන්න. එවිට ඔබ නිර්මාණය කරගත් අයිකනය My Computer වින්ඩෝව තුළ දක්නට ලැබේවි.

යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment