Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Sunday, June 1, 2014

පෝටබල්-රිචාජබල්-USB-චාජරයක්-සාදාගන්නේ-මෙහෙමයි


පෝටබල් හෙවත් තැනින් තනට පහසුවෙන් රැගෙන යා හැකි උපකරන භවිතයට බොහෝ දෙනා කැමතිය. ලැප්ටොප් වැනි පරිගණක මෙන්ම සී.ඩී, ඩී.වී.ඩී, පෙන් ඩ්‍රයිවස් වැනි උපකරණ බිහිවි ඇත්තේ ද මේ නිසාය. මෙවන් පෝටබල් උපකරණ භාවිතයේදි ඇතිවන ප්‍රධාන ගැටලුවක් වන්නේ එවාට අවශ්‍ය විදුලි බලය සපයන කුඩා බැටරි ඉක්මනින් බැස යාමයි. මෙම ලිපියෙන් අප ඉදිරිපත් කරන්නේ නැවත නැවතත් ආරෝපණය කළ හැකි යූ.එස්.බී චාජරයක් සාදාගන්නා ආකාරයයි.(≧◉◡◉≦)
➦පහතින් දැක්වෙන්නේ මෙම චාජරය සදහා සපයාගත යුතු උපාංග ලැයිස්තුවයි.
  1. Female USB කනෙක්ටරයක්
  2. NI-MH-AAA (500mA-1000mA) වර්ගයේ බැටරි හතරක්
  3. ප්ලාස්ටික් ආවරණයක්
  4. වයර් කැපිම සදහා Wire stripper එකක්
  5. Soldering iron එකක්
  6. වයර් කැබලි කිහිපයක්
  7. සූපර් ග්ලූ
මෙය නැවත නැවතත් ආරොපණය කරමින් ඔබගේ යූ.එස්.බී උපාංග ආරෝපණය කිරිම සදහා යොදාගත හැකිය. මේ සදහා නිතර නිතර ප්‍රධාන විදුලි සැපයුමක් අවශ්‍ය නොවිම ඔබට තවත් පහසුවකි. මෙ සදහා කුඩා ප්ලාස්ටික් ආවරණයක් මිලදිගැනිමට ඔබට සිදුවෙවි. ඔබ සදාගන්න චජරය එකළස් කරගන්නේ මෙම කුඩා ආවරනය තුලයි.
එසේම female USB Port එකක් ද ඔබට අවශ්‍ය වෙයි. ඉවත් කරන ලද යූ.එස්.බී කේබල්වලින් මෙවනි පෝර්ට් එකක් ඔබට සොයගත හැකිය. එවන් කේබලයකින් යූ.එස්.බී පෝර්ට් එකක් ලාබාගන්නේ නම් ප්‍රමණවත් දිගකින් යුක්තව මෙම පෝර්ට් එක වයරයත් සමගම ඉවත් කරගන්න. මෙම කේබලයේ කළු හා රතු වර්ණයන්යෙන් කුඩා වයර් දෙකක් තිබෙන බව දක්නට ලැබෙයි. කොල හා සුදු පහැයෙන් ඩේටා වයර් දෙකක්ද මෙම කේබලය තුල දක්නට ලැබෙයි.


අප සදාගන්නා චාජරය සදහා එම වයර් අවශ්‍ය නොවේ. මෙසේ ලබාගන්නා කේබලය ප්‍රමාණවත් දිගක් නොමැති නම් තවත් වයර් කැබැල්ලක් එම වයරයට පාස්සා ගන්න. මි ළගට AAA වර්ගයේ බැටරි 4ක් සවිකළ හැකි battery holder එකක් අවශ්‍ය වෙයි. විදුලි උපකරණ අළෙවි සැලකින් මේවා පහසුවෙන් මිලදිගත හැකිය. මෙය ඔබගේ ප්ලාස්ටික් ආවරණය තුල අසුරා තැබිය හැකි තරම් කුඩා එකක් විය යුතුය. මෙයට සවිකරන බැටරි 500mA-1000mA තරම් ම්ලි ඇම්පියර් ගණනකින් යුත් එවා විය යුතුය.

මිළගට කළ යුත්තේ battery holder එකෙහි සිට පැමිණෙන වයර් යූ.එස්.බී කේබලයට සවිකර ගැනිමයි. මෙහිදි බැටරි හෝල්ඩරයේ කළු වයරය කේබලයේ කළු වයරයට ද රතු වර්ණයෙන් යුත් වයරය කේබලයේ රතු වර්නයේන් යුත් වයරයට ද නිවැරදිව සම්බන්ධ කරගත යුතුය. පසුව පාස්සාගත් ස්ථාන හොදින් ආවරණය කරන්න. මි ළගට ප්ලාස්ටික් ආවරණයේ කුඩා සිදුරක් විදින්න. මේ ඔස්සේ කේබලය ආවරනයෙන් පිටතට ගත හැකිය. දැන් කල යුත්තේ කේබලයට සවිකරගත් බැටරි හෝල්ඩරය ඔබගේ ප්ලාස්ටික් ආවරණය තුළ අසුරා ගැනිමයි. ඔබට අවශ්‍ය නම් බැටරි හෝල්ඩරයට සැපයන විදුලිය පාලනය කිරිමට ස්විචයක් ද ප්ලස්ටික් ආවරනයට සවිකරගත හැකිය. නමුත් මෙය අත්‍යවශ්‍ය නොවේ.

පසුව බැටරි හෝල්ඩරය ප්ලාස්ටික් ආවරණය තුළ නොසෙල්වෙන පරිදි අලවාගන්න. අවසානයේදි ප්ලාස්ටික් ආවරණය වසා සවිකරගන්න. දැන් යූ.එස්.බී පෝර්ට් එක පරිගණකයට සවිකරගත් පසුව බැටරිය ආරෝපණය විම ආරම්භ වෙයි. female USb port එකක් සොයාගැනිමට අපහසු නම් මේ සදහා male to male USB කේබලයක් වුවද යොදාගත හැකිය. පසුව මෙම කේබලයේ දෙකෙළවරින් කපා ඉවත්කර එහි අති සුදු හා කොළ පැහැති වයර් දෙක ඉවත් කරන්න. 

මිළගට රතු හා කළු වයර් ඉවත් කරගන්න. ඉහතින් සදහන් කළ ආකාරයට රතු වර්ණයෙන් යුතු කේබලය battery holder එකෙහි රතු පැහැති වර්ණයටත් කළු වයරය battery holder එකෙහි කළු පැහැති වයරයටත් සම්බන්ධ කරගන්න. මෙම චාජරය භාවිතා කිරිමේදි ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයකි.

➀ අධික සිසිල් හෝ වියළි පරිසරයක භාවිත නොකරන්න.

➁ බැටරි හෝල්ඩරයෙන් පැමිණෙන වයර් ෂෝට් නොකරන්න.

➂ බැටරි ආරොපණය විමේදි එවා තරමක් උණුසුම් විම සාමාන්‍ය වුවද අධිකව උණුසුම් වන ්නේ නම් ආරොපණය කිරිම නවතා දමන්න.

➃ පැය 4කට වඩා බැටරිය ආරොපණය නොකරන්න.


යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment