Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Thursday, June 5, 2014

කැමරාවෙන් බස පෙරළීම

ඇපල් අයි-ෆෝන් සදහා එන භාෂා පරිවර්තක කැමරා මෘදුකාංගය


සාමාන්‍යයෙන් අපි කැමරාවක් භාවිතා කරන්නේ ජායාරූයක් ගැනීමට වුවත් කැමරාවකින් ඊටත් වඩා ප්‍රයෝජන ගන්නට පුළුවන් . දැන් තිබෙන ප්‍රබල ස්මාට්  ෆෝන් කැමරා හා ඒ සම්බන්ද මෘදුකාංග නිසා දැන් කැමරා වලින් අලුත් අලුත් වැඩ කරන්නට පුළුවන්. මේ කියන්නට යන්නෙත් ඒ වගේ අපුරු වැඩක් ගැනයි.

රටකින් රටකට සංචාරය කරන අය මුහුණ දෙන ලොකුම ප්‍රශ්ණයක් තමයි භාෂා ප්‍රශ්ණය. ලෝකයේ බොහෝ රටවල් ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කලත් එසේ නොවන රටවල් ද තිබෙනවා. උදාහරණයක්‌ විදිහට ප්‍රංශයේදී මාර්ග පුවරු, දැන්වීම් ආදිය දර්ශනය කර ඇත්තේ ප්‍රංශ භාෂාවෙන්. ඉතින් පාරක් හොයාගන්න, දැන්වීමක් කියවගන්න හරි භාෂා  පරිවර්තකයක සහාය ලබා ගන්න වෙනවා. මෙතනදී බොහෝ සිහිවන්නේ  ශබ්ද කෝෂයන්, නමුත් ඊට වඩා පහසු මෙන්ම වේගවත් ලෙස භාෂා පරිවර්තන සිදුකර දෙන අපුරු මෘදුකාංගයක් දැන් ඇපල් අයි-ෆෝන් සමග භාවිතා කළ හැකිය.



මේ අපුරු කැමරා මෘදුකාංගය නම් කර ඇත්තේ Word Lens ලෙසයි. අයි-ෆෝන් හි නවතම සංස්කරණය වන iphone 4 3GS හෝ වීඩියෝ කැමරාවක් සහිත ipod Touch උපාංගයන් තුළ මෙම මෘදුකාංගය ධාවනය කළ හැකිය දැනට මෙම මෘදුකාංගය මගින් පරිවර්තනය කළ හැක්කේ ඉංග්‍රීසි හා ප්‍රංශ යන භාෂාවන් පමණක් වුවත් ඉදිරියේදී මෙය අනෙකුත් භාෂාවන්ද ඇතුලත් කොට වැඩි දියුණු කෙරෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.




මෙම මෘදුකාංගය භාවිතා කිරීම ඉතාම සරලයි. කළ යුත්තේ පරිවර්තනය කර ගැනීමට අවශ්‍ය වචනය හෝ වචන සමුහය වෙත ඔබගේ දුරකතනයේ කැමරාව එල්ල කිරීම පමණයි. මෙම මෘදුකාංගය හොදින්ම ක්‍රියාත්මක වන්නේ මුද්‍රිත අකුරු සදහා වන අතර අත් අකුරු සදහා මෙය සංවේදී නෑ.

ප්‍රතිඵල සියයට සියයක්ම නිවරද්‍ය නොවුනත්  වචනයකට හෝ වාක්‍යයකට අදාල තේරුම දැන ගැනීමට මෙම මෘදුකාංගය බොහෝ ප්‍රයෝජනවත් වන බව කිව හැකිය.


යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment