Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Sunday, June 8, 2014

කෙටි පණිවුඩ හඩ නගා කියවන දුරකථන සහකරු



ජංගම දුරකථන නිසා අනතුරු කරගන්නා අවස්ථා වන්නේ වහනයක් පදවමින් සිටින අතරතුර දුරකථනය භාවිත කිරීමයි. වහනයක් පදවන විටදී රියදුරු ගේ සම්පුර්ණ අවධානය මාර්ගය වෙත යොමුවී තිබිය යුතුය. නමුත් හදිසි දුරකථන පණිවුඩයකදී මාර්ගයෙන් දෙනෙත් ඉවත් කර නොගෙනම දුරකථනය සදහා ප්‍රතිචාර දැක්විය හැකිනම් ඉහත ආකාරයට මාර්ග අනතුරු සිදුවීම වලක්වා ගත හැකිය.


            මේ සදහා විසදුමක් ලෙස දැන් ජංගම දුරකථන සදහා අළුත්ම මෘදුකාංගයක් හදුන්වා දී තිබෙනවා. DriveSafe.ly නම් මේ මෘදුකාංගය Android හා BlackBerry දුරකථන සදහා සහාය දක්වනවා. මෙම මෘදුකාංගය ඔබගේ ජංගම දුරකථනයේ ස්ථාපනය කර ගත් විට එයට ලැබෙන කෙටි පණිවුඩ, ඊ-මේල් මෙන්ම දුරකථන ඇමතුම ලබාදෙන්නගේ නමද හඩ නගා පවසනු ලබනවා. ඒම නිසා දුරකථනය වෙත නෙත් යොමු නොකර අපට අවශ්‍ය තොරතුරු ගැන දැනුවත් විය හැකිය.



මෙම මෘදුකාංගයේ විශේෂත්වය වන්නේ ඔබේ දුරකතනයට පණිවුඩය එවූ තැනැත්තාට ඒම පණිවුඩය ලැබුණු බව දන්වා මෙම මෘදුකාංගය මගින් ස්වයං ප්‍රතිචාර දැක්විය හැකිවීමයි. විශේෂත්වය වන්නේ මෙම මෘදුකාංගය ඔබට නොමිලේම ලබා දීමයි.




යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment