Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Friday, June 6, 2014

දහසක් කල් පවතින නව සංගත තැටිය M-Disc


CD හා DVD යනු පැරණි තාක්ෂණ ක්‍රමයක් වුවත් එය තවමත් නොනැසී එකසේ ප්‍රයෝජනවත්ව පරිගණක ක්ෂේත්‍රයේදී භාවිත වේ. ඉතා විශාල දත්ත ප්‍රමාණයක් එක තැටියක් තුල බහාලිය හැකි වීමත්, තැනින් තැනට රැගෙන යා හැකි වීමත්, ප්‍රමාණයෙන් කුඩා හා සැහැල්ලු වීමත් නිසා සංගත තැටි ජනප්‍රියව පවතී. නමුත් මෙහි ඇති ප්‍රධාන ගැටලුව වන්නේ කුඩා සිරිමකින් වුවද මේ දත්ත තැටිවලට හානි වීමයි. විශේෂයෙන් දත්ත උපස්තකරණයේදී (Backup) සංගත තැටි හොද මාධ්‍යයක් වුවත්, එහි කල් පැවැත්ම ගැටළු සහගත නිසා විශ්වසනීයත්වය අඩු මට්ටමක පවතී.

මේ ගැටළුවට විසදුමක් ලෙස බාහිර සාධක නිසා දත්ත හානි සිදු නොවන, එමෙන්ම පහසුවෙන් දිරා නොයන මෙන්ම වසර 1000 ක් පමණ කල් නිරුපද්‍රිතව දත්ත රදවා තබා ගත හැකි නව සංගත තැටි වර්ගයක් දැන් වෙළදපොලට නිකුත් කර තිබේ. මිලේනියේටා නම් සමාගමක් විසින් නිෂ්පාදිත මේ නව තැටිය M-Disc ලෙස නම් කර තිබේ.මෙහි ඇති විශේෂත්වය වන්නේ ද්‍රව නයිට්‍රජන් හෝ උතුරන ජලය මගින් වුවත් මෙයට හානියක් සිදු නොවීමයි. එමෙන්ම වැටීම්,සීරීම් වලට ඔරොත්තු දෙන විශේෂ ස්ථරයකින් සත්ත මුහුණත ආරක්ෂා කර තිබේ.



M-Disc  ධාවනය කිරීම සදහා අළුතෙන් හාඩ්වෙයා උපාංග / ඩිස්ක් ධාවක අවශ්‍ය නොවේ. ඔබ දැනට භාවිත කරන සංගත තැටි ධවකයෙන්ම M-Disc කියවීමට පුළුවන. කෙසේවුවත් ඔබට දත්ත සටහන් කිරීමට ( Data Burn) විශේෂ M-Disc ධාවකයක් මිළදී ගැනීමට සිදුවෙයි. ඔබටත් මේ නව ඩිස්කයක් රුපියල් 300 වැනි මිලකට ලබාගන්න පුළුවන්. වසර 1000 ක කාලයක් සදහා එවන් මිලක් ගෙවීමේ අලාභයකුත් නෑ නේද?

යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment