Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Friday, June 6, 2014

ඩිජිටල් ජයාරූප වල පැටිකිරිය සොයාදෙන PSkiller


අතීතයේ නම් ජායාරූපකරණය සිමාවී තිබුණේ සේයා පටල කැමරා වලට පමණි. ඒ හැරුණු කොට අතින් ආදී සිතුවම්ද මේ ගණයට ඇතුලත් කල හැකියි. කෙසේ වුවත් ඩිජිටල් යුගයේ ආක්‍රමණයත් සමග ජායාරූපකරනද ඩිජිටල්කරණය වී තිබේ. ඩිජිටල් ජායාරූපකරණය ලෙස වෙනම ක්ෂේත්‍රයක් දක්වා මේ වන විට මෙය වර්ධනය වී තිබෙනවා. එමෙන්ම නියම ජායාරූපයක් හා ඩිජිටල් ජායාරූපයක් වෙනකොට හදුනාගත නොහැකි වන තරමට අද වන විට ඩිජිටල් ජායාරූපකරණය දියුණු වී ඇත.



කැමරාවකින් ලබාගන්නා ලද නියම ජායාරූපයක් ඩිජිටල් උපක්‍රම මගින් සංස්කරණය කර අලුත්ම නිර්මාණයක් බිහිකළ හැකි වීම නිසා නියම ජායාරූපයේ අගය නැසී යන බවට අදහසක්ද පවතී. එමෙන්ම නියම ජායාරූපය වෙනස් කර නොයෙකුත් සමාජ විරෝධී කටයුතු වලට යෝදාගැනීම ගැටළුවක්ව පවතී. මෙවැනි නොයෙකුත් අවස්ථාවලදී ඔබ දකින රූපය නියම ජායාරූපයද නොඑසේ නම් ෆොටෝෂොප් හෝ එවැනි වෙනත් මෘදුකාංගයක් යොදාගෙන සංස්කරණය කල එකක්ද යන්න පියවි ඇසින් නිරීක්ෂණය කර නිගමනයකට ඒම අපහසුයි. ඒ අපහසු කාර්යය පහසුවෙන් කරදෙන වෙබ් සේවාවක් දැන් ඔබට ලබාගත හැකිය. http://imageedited.com/ යන ලිපිනයෙන් ඔබටත් මේ සේවාව නොමිලේම ලබා ගත හැකිය.




යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment