ඔබේ පරිගණකයට ඔබටම screen saver එකක් සාදාගත හැකිනම් එය මහත් සතුටක් ගෙන දෙන්නක් වේවි. එමෙන්ම screen saver සැදිමට බොහෝ සංකිර්ණ මෘදුකාංග තිබුණත් එවා ඉගෙන ගැනිමට බොහෝ මහන්සි විය යුතු නිසා බොහෝ දෙනා ඒවා භාවිතයෙන් තමන්ගේම screen saver එකක් සාදාගැනිමට කාලය මිඩංගු කිරිමට සුදානම් නැහැ.ඒ හේතුව නිසා ඔබේ පරිගණක තිරයේත් මේ වන විටත් තිබෙන්නේ අනුන්ගේ ස්ක්‍රින් සේවර් එකක් වෙන්න පුළුවන්. නමුත් ඔබ හොදින් වැඩ කිරිමට දන්නා මයික්‍රොසොෆ්ට් පවර්පොයින්ට් මගින් පහසුවෙන් slide show එකක් සාදාගන්න බොහෝ දෙනෙකුට පුළුවන්. ඒ slide show එක කෙලින්ම screen saver එකක් බවට පත් කරන්න පුළුවන් මෘදුකාංගයක් ගැනයි මේ හදුන්වා දීම.
මුලින්ම මෘදුකාංගය Download කරගන්න
Details - Current version: 3.2.4.1 (27-Aug-2013)
Download size: Approx. 4 MB
Licensing: Shareware, free 30-day trial
මේ මෘදුකාංගය තමයි PowerPoint slide Show Converter මෘදුකාංගය. දැන් බලමු මේ මගින් කොහොමද අපි සකස් කළ පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක් තිර සුරැකුමක් බවට පත් කරගන්නේ කියලා.
පහතින් දැක්වෙන්නේ මෙම මෘදුකාංගයේ අතුරු මුහුණතයි.
මෙහි ඔබට පේනවා ඇති Simpel mode සහ Special mode යනුවෙන් කොටස් දෙකක් ඇති බව.
පහතින් දැක්වෙන්නේ මෙහි Simpel mode එකේ තිර රූපයක්.
මෙම කොටසින් සාදාගත හැකි වන්නේ තවත් Slide show එකක් පමණයි. හැබැයි එය .EXE ගොනුවක් වන නිසා පවර්පොයින්ට් ස්ථාපිත කර අති පරිගණකයක වුවත් ධාවනය වනවා. එමෙන්ම එහිද අපට Autorun වන CD එකක් හෝ DVD එකක් තනාගන්න පුළුවන්.
අපි ඒ කතා කලේ මෙම මෘදුකාංගයේ Simpel mode එක ගැනයි. අපි ප්‍රධාන වශයෙන් කතා කරන Screen saver එකක් සකසා ගැනිමට අවකාශ සලසා දී තිබෙන්නේ මෙහි අති Special mode එක තුලයි.
එහි තිර රූපයක් තමයි පහත දක්වා තිබෙන්නේ.
දැන් අපට ඉතිරිව අත්තේ Screen saver එකක් සකසා ගැනීමටයි. එ සදහාත් සුපුරුදු පරිදි source PowerPoint ගොනුව මුලින්ම select කර Output path එකත් ලබා දී ඉහත තිර රූපයේ දක්වා අති පරිදි Create Screen Saver (.src) යන්න තෝරා වෙනත් සැකසුම්ද අවශ්‍ය පරිදි සකස් කර Make Slide Show නම් බොත්තම මත ක්ලික් කිරිමයි. එවිට ඔබ ලබා දුන් විදානයන්ට අනුව අදාල .src ගොනුව නිර්මණය වෙනවා. දැන් එය C:\WINDOWS\system32 නම් ෆෝල්ඩර් එකට කොපි කිරිමෙන් එය ඔබේ Screen saver ලැයිස්තුවේ දිස් වෙන ලෙස සකසා ගන්න පුළුවන්.
0 comments:
Post a Comment