අපේ පරිගණකයට කුමක් හෝ මෘදුකාන්ගයක් ස්තපනය (Install) කිරිමේදි සම්මතය ලෙස එය ස්ථාපනය වන්නේ C:\Program File යන පාත් එකෙහිය. ඔබේ පරිගණකයේ හාඩ් ඩිස්කයේ C: ධාවකය තුල ඉඩ මදිවී ඇත්නම් අළුතෙන් install කරන මෘදුකාන්ග වෙනත් පාට්ෂන් එකකට දැමීමට අවශ්‍ය විය හැකිය. මෘදුකාන්ගයක් install කරන විට අවශ්‍ය නම් එතැනදී මෙය මාරු කල හැකියි. නමුත් සම්මතය ලෙස C:\Program File යන පාත් එක හැර වෙනත් path එකක් හෝ Folder එකක් ලබා දෙන්නේ කෙසේ දැයි දැන් බලමු..
මේ සදහා වින්ඩෝස් රෙජිස්ට්‍රියේ පොඩි වෙනස්කමක් සිදුකර ගත යුතුයි. ඔබට රෙජිස්ට්‍රිය භාවිතා කිරිමට දැනුමක් නොමැති නම් මේ අත්හදා බැලිම කරන්න එපා. කෙසේ වුවත් registry editor හි File මෙනුවෙන් Export තෝරා ඔබට රෙජිස්ට්‍රියේ බැකප් එකක් save කරගත හැකිය.
Path | ||||||
|
දැන් දකුණු පස තිරය බැලුව විට එහි මැද හරියට වන්නට ProgramFilesDir ලෙස අගයක් දක්නට ලැබේ. එය ඩබල් ක්ලික් කර විවෘත කර ගන්න.මෙම කොටුවේ පහත ඇති Value Data යන්නට ඔබට අවශ්‍ය පාත් එක නිවැරදිව ඇතුලත් කරන්න. උදාහරණයක් ලෙස C:\Program File වෙනුවට ඔබට මෙය D:\Programs යෙදිය හැකිය. අවසානයේ OK කරන්න. දැන් අළුතෙන් මෘදුකාන්ගයක් ස්ථපනය කිරිමේදි සම්මත පාත් එක ලෙස තෙරී අත්තේ ඔබ යෙදූ පාත් එකයි.
0 comments:
Post a Comment