Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Wednesday, July 30, 2014

පරිගණකය අපේ හඩින් පාලනය කරමු

මයික්‍රොසොෆ්ට් සමගම විසින් හදුන්වාදුන් windows 7 හි මෙම පහසුකම ලබාගන්න හැකියාවක් තියෙනවා. මෘදුකාංග ස්ථාපනය කිරීමක් අවශ්‍යය වෙන්නේ නැ. මේක windows ඔස එකේම තියෙන පහසුකමක්. මේක හදුන්වන්නේ Speech Recognition යනුවෙනි. ඔබේ පරිගණකයේ තිබෙන්නේ windows 7 මෙහෙයුම් පද්ධතිය නම් ඒම පහසුකම සක්‍රිය කරගන්නා ආකාරය දැන් බලමු. පහත ප්යවරයන් අනුගමනය කරන්න.

Control Panel එකෙහි ඇති "Speech Recognition" ක්ලික් කරන්න

ඔබේ පරිගණයට මයික්‍රොෆෝනය සම්බන්ද කර නොමැතිනම් එය සම්බන්ද කරගන්න. මේ සදහා Configure Your Speech Recognition වින්ඩෝව Open කරගන්න. පහත රූපයේ දැක්වේ.

දැන් ඔබ කළ යුත්තේ ඔබේ කටහට පරිගණකයට හදුන්වාදීමයි. 

මීලගට පරිගණකයට ඔබේ කටහඩ හදුනාගත හැකි ආකාරයට සකස් කරගැනීමයි. ඒම තිරයේ ඇති උපදෙස් සියල්ලම ඒ ආකාරයෙන්ම අනුගමනය කිරීමෙන් පරිගණකයට ඔබේ කටහට හදුනාගත හැකි ආකාරයට සකස් කළ හැකිය.

 මෙය කිහිප ආකාරයකටම සිදුකළ හැකිය. ඒ සදහා මුලින්ම Speech Recognition වින්ඩෝවේ ඇති Speech Reference Card විවෘත කරගන්න.

මෙය මුද්‍රණය කර තබාගැනීම වඩාත් සුදුසුයි. නැති වුනත් ගැටළුවක් නැ. නමුත් ඔබ විවිද Command ලබාදීමේදී මේක වැදගත් වෙනවා.

දැන් නැවතත් Speech Recognition panel එක විවෘත කරගෙන Start Speech Recognition යන්න ක්ලික් කරන්න.

දැන් ඔබ හඩින් ලබාදෙන විදානයන් වලට ඔබේ පරිගණකය වැඩ කරනවා. මේ ආකාරයට ඔබට බොහෝ වැඩ කරගැනීමට හැකිවේවි. තව දෙයක් කියන්න බැරි වුන වචන පාවිච්චි කරනකොට හරි වචනෙම පාවිච්චි කරන්න සින්හලෙන් නෙමෙයි හොදේ ඉංග්‍රීසි වලින්. Speech Reference Card කියන එක ක්ලික් කරලා බලන්න එකේ තියෙනවා ඔය Speech කරන්න ඕන ආකාරය.

වැඩේ හරිගියනම් Comment එකකුත් දාලම යන්න. ඔයාලගේ අදහස් අපිට වටිනවා.







 


යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment