Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Sunday, July 20, 2014

Windows 7 හි Boot screen එක වෙනස් කරගමු

ඔබත් ඔබගේ පරිගණකයේ Windows 7 මෙහෙයුම් පද්දතිය ස්ථාපිත කර ඇත්නම් මෙම පහසුකම ඔබට ලබාගන්න පුළුවන්. 

යම් විටෙක ඔබට සිතෙයි පරිගණකයේ මෙහෙයුම් පද්දතියට හානියක් වෙයි කියා. එසේ බිය විය යුතු නැ. මේ ක්‍රමය අත්හදා බලන්න කිසිම බයක් ඇතිකර ගත යුතු නැ. 

වැඩිය කතා නොකර අපි වැඩේට බහිමු. මුලින්ම මේ මෘදුකාංගය බා ගන්න.

File size - 644 KB

පසුව මෙය ඔබේ පරිගණකයේ ස්ථාපිත කරගන්න. ඉන් පසු ඔබට පහත ආකාරයට දිස් වේවි.


ඉහතින් ඇති Animation එකක Right Click කර Save image as.. ලබා දී Download කරගන්න. දැන් ඔබ කළ යුත්තේ "Animation" කොටුවෙහි ඇති Menu එකේ Static image ලබා දීමයි. ඉන් පසු ඔබට ලැබෙන වින්ඩෝවේහි ඔබ ඉහතදී Download කරගත් Animation එක සොයා Open ලබාදෙන්න.

දැන් ඔබට දකුණු පසින් ඇති කොටුවෙහි ඔබ ලබා දුන් Animation එක පෙනේවි. එය නිසියාකාරව වැඩ කරනවාදැයි බැලීමට Play කර බලන්න. තව "Starting Windows" හා © Microsoft Corporation කියන එක වෙනුවට ඔයාට කැමති නමක් භාවිත කිරීමේ හැකියාවද තියෙනවා. 

  1. පළමු පියවර( © Microsoft Corporation) වෙනස් කිරීම සදහා - message 1 කොටුවෙහි ඇති "text" එක වෙනස් කරන්න (ඔබ කැමති ඕනෑම නමක්)
  2. දෙවන පියවර (Starting Windows) වෙනස් කිරීම සදහා - message 2 කොටුවෙහි ඇති "text" එක වෙනස් කරන්න (ඔබ කැමති ඕනෑම නමක්)
Font Color,Font size,Background color ආදී බොහෝ දේවල් වෙනස් කිරීමේ හැකියාව මෙම මෘදුකාංගය සතු වේ.

ඔබේ වෙනස් කිරීම් සර්තකයිනම් 99% ක් හරි. දැන් තියෙන්නේ Apply කිරීම පමණයි.

දැන් ඔයාගේ Computer එක Restart කරලා වැඩේ කොහොමද කියලා බලන්න.




යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment