Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Sunday, July 20, 2014

PC එකට Android Install කරමු


Android තාක්ෂනය අද ලෝකයේ ඉතා වේගයෙන් ප්‍රචලිත වෙමින් පවතිනවා. ඔබ Windows හෝ Linux භාවිතා කරන ආකාරයටම Android ද තවත් සාමාන්‍ය Virtual Machine එකක් ලෙස භාවිතා කළ හැකි බව ඔබ දන්නවද? මෙමගින් ඔබට ඔබගේ PC එක තුල සිට සම්පුර්ණ Android පසුබිමක් නිර්මාණය කරගෙන PC එකට Apps install කිරීම වැනි පහසුකම් බොහෝමයක් අත්විදීමට අවස්ථාව හිමිවෙනවා.

මෙය ඔබේ පරිගණකයේ ස්ථාපිත කිරීමට පෙර Virtual Box එක සහා Android-86 ISO එක install කරගෙන තිබීම අවශ්‍යයි.

Android Virtual Machine එකක් නිර්මාණය කිරීම

Virtual Box Download

Android-86 ISO Download



Virtual box එක Open කර එහි ඇති "New Button" එක click කිරීම මගින් නව Virtual Machine එකක් නිර්මාණය කරගත හැක. පසුව ඔබ සකසාගත් Virtual Machine එකෙහි Settings පහත පරිදි සදා ගන්න.

  1. Operating System - Linux - Linux 2.6
  2. Memory Size - 512 MB
  3. Hard Disk Size - 3 GB හෝ ඊට වැඩි


පසුව ඔබ සකසාගත් Virtual Machine එක Open කර Virtual Box එක Android-x86 ISO ලෙස තබන්න. එවිට ඔබගේ Virtual Machine එක තුළ Boot වීම සිදු වේවි. ඉන්පසු "installation Option යන්න තොර Enter කරන්න.

දැන් ඔබගේ Android System එක සදහා Partition එකක් සකසාගන්න. ඒ සදහා Create/Modify Partitions යන්න තෝරා enter කරන්න.


Arrow Keys මගින් "NEW" තෝරා Enter කිරීමෙන් නව partition එක අදාල හිස් ඉඩෙහි සාදාගන්න.

දැන් Primary යන්න තෝරා enter කරන්න. අදාළ Partition එක ඔබගේ Virtual Disk එකේ සම්පුර්ණ ඉඩ ලබාගැනීම සදහා නැවත enter කරන්න.

පසුව Bootable Options තෝරා ඒවා Highlight කර enter කිරීම මගින් Partition එක Bootable ආකාරයට පත් කරන්න. 

දැන් Write යන්න තෝරා enter කර ඔබ විසින් සිදු කරන ලද වෙනස්කම් ස්ථිර කරන්න. මේ සදහා ඔබ YES යන්න type කර enter කරන්න.


පසුව නැවත Partition එකට ගමන් කිරීම සදහා Quit Active enter කරන්න. එවිට ඔබ සාදාගත් Partition එක තෝරා Enter කිරීම මගින් Android install කිරීම කළ හැක.

මෙහිදී PArtition එක Format කිරීම සදහා ext3 file System එක තෝරා "Yes" ලබාදෙන්න.

GRUB boot loader එක install කිරීම සදහා Yes යන්න තෝරා නැවත Yes යන්න තේරීම මගින් System Direc-tory එක read-write ලෙස install කරගන්න.

මේ සියල්ල සිදුකර අවශ්‍ය වූ විට ඔබට පුළුවන් ISO file ඉවත් කර ඔබගේ Virtual Machine එක reboot කර ගැනීමට.


මෙයද අනෙකුත් Operating System එකක් ලෙසින්ම Android ඔබගේ PC එක තුල boot වෙනු ඇති.

ඔබගේ Mouse එක තිරයේ නොපෙන්වුවහොත් Machine menu එක click කර Disable mouse inte-gration යන්න තෝරාගත් පසු Mouse එක තිරයේ දිස්වේ.

දැන් ඔබට සම්පුර්ණයෙන්ම Android පරිසරයකට පිවිසිය හැක.










යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment