Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Friday, August 1, 2014

පොටෝෂොප් භාවිතයෙන් ඉමේජයක පසුතලය ඉවත් කිරීම (02)

ඔන්න කිවුවා වගේම පොටෝෂොප් වල ඉතිරි කොටසත් ගේනවා. අපි කලින් පල කරපු Post එකෙන් කතා කරේ ඉමේජයක පසුතලය ඉවත් කරගන්නා ආකාරය. ඒ සදහා පාවිච්චි කරේ Eraser tool කිහිපයක්. අද අපි බලමු තවත් tool කිහිපයක් භාවිතා කරලා කොහොමද ඉමේජයක පසුතලය ඉවත් කරගන්නේ කියලා.

01 Paint Bucket (Shortcut Key "G")

Print Bucket ටුලය වර්ණ පිරවීම සදහා භාවිතා කරන ටුලයකි. ඒ උනාට මේ ටුල් එකේ Setting වෙනස් කරලා පසුතලය ඉවත් කරන්න ගන්න පුළුවන්. මෙය ක්‍රියාත්මක වෙන්නේ Unlock ලේයරය මතයි. ඒ සදහා ලේයරය මත ඩබල් ක්ලික් කර ලැබෙන වින්ඩෝව OK කරන්න. මේ ටුලයේ setting වෙනස් කරන ආකාරය - මේ ටුලය select කර තිබෙන විට එහි ලැබෙන විශේෂ මෙනුවේ මෙය දිස් වේ.

image එක ක්ලික් කර විශාල කර බලන්න

(Ticked) මෙය සක්‍රිය කර ඇත්නම් එය අක්‍රිය කරන්න. එවිට ක්ලික් කරන ස්ථානයට අදාල වර්ණ පමණක් මකා දමයි. Contiguouse අවස්ථාව සකසා නැත්නම් ඉමේජය තුලදී ක්ලික් කරන විට ඒ වර්ණයට අදාල සියලු වර්ණ මුළු ඉමේජයෙන්ම මකා දමයි. මේ මගින් එක සමාන වර්ණ එකවරම මකා දමන්න පුළුවන්.

02 Magic wand Tool (Shortcut Key "W") 

මේ ටුලය කලින් සදහන් කළ ටුල් වලට වඩා ගොඩක් වෙනස් ටුල් එකක්. පහත රූපයේ ආකාරයට සියුම්ව පසුතලය ඉවත් කිරීමට පුළුවන් ටුලයකි. 

මේ ටුල් එක භාවිතා කරන විට Shift key එක Press කරගෙන අදාල ස්ථානවල ක්ලික් කරන්න. මේ ටුල් එක භාවිතා කරන්න ඉවසිමනම් තියෙන්නම ඕනේ.

03 Pen Tool (Shortcut Key "P") 

මේ Tool එකෙන් වෙන්නේ අවශ්‍ය වස්තුව කාපා වෙන් කරගැනීමට සදහායි. බොහෝ දෙනෙක් විශ්වාසයෙන් භාවිතා කරන මේ ටුල් එක මගින් ඉතා ඉක්මනින්, පහසුවෙන් හා නිවැරදි ආකාරයටම අදාල වස්තුව කැප ගැනීමට පුළුවන්. මේකට හොද ඉවසීමක් තිබීම වැදගත් වෙනවා. Ctrl key එක Press කර අදාල Nodes වෙනස් කරගැනීමට පුළුවන්.

මීලගට Window> Path යන්න ලබාදී ලේයර් පැනල එක තිබු ස්ථානයේ path panel එක දිස් වේ.

පසුව පහත රූපයේ ආකාරයට පියවර අනුගමනය කරන්න.

පසුව select කරගත් කොටස පමණක් තිබියදී අනවශ්‍ය කොටස ඉවත් කිරීම සදහා. layers වල image එක ඩබල් ක්ලික් කර unlock කරගන්න. පසුව ඉහත menu එකේ ඇති ලේයර් menu එකේ ඇති Vector mask>Current path යන විදානය ලබාදීමෙන් පාත් එක තුල ඇති ඉමේජය ඉතුරුවී අනිත් කොටස ඉවත් වී යැයි.

ඔයාල මේ ටික try කරලා බලන්න. ඉදිරියේදී මේ වගේම තවත් කොටසක් බලාපොරොත්තු වෙන්න. ඔයාලගේ photo එකත් මේ විදිහට edit කරානම් Comment එකකුත් දාන්න අමතක කරන්න එපා.



යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment