ඔබ කවදා හෝ Moinority Report චිත්‍රපටිය බලා තිබේද ? එහි ප්‍රදාන චරිතය රගපාන Tom Cruise සිය දෑත අවකාශයේ එහා මෙහා කරමින් පරිගණකය හසුරුවනු ඔබ දුටුවේද? එසේම එය අප සිටින තාත්වික ලෝකයේ දී යථාර්ථයක් ලෙස යම් දිනක දැක ගත හැකිවේ යැයි ඔබ සිතනවද?
ඔව් පිළිතුර සුභාවදියි. ඒ මෙම තාක්ෂනය දැනටමත් නිපදව ඇති බවයි. මෙම සිත්ගන්නා සුළු සොයාගැනීම වන Sixth Sense තාක්ෂණය සොයාගැනීමේ ප්‍රදාන නිර්මාතෘවරයා අපගේ අසලවැසි භාරත දේශයේ විශිෂ්ට තරුණ පරිගණක උපාධිධාරියෙකු හා massschusetts institute of technology (MIT) ආයතනයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින 30 හැවරදී තරුණයෙකු වන Pranav Mistry වේ.
මෙහිදී භෞතිකමය උපකරණ ස්පර්ශයෙන් තොරව මෙන්ම පරිගණක යන්ත්‍රයක් ඇසට පෙනෙන තෙක් මානයකවත් නොමැතිව අපගේ දෑත්වලින් දක්වන අංග චලනයන් ග්‍රහණය කර ගැනීමෙන් පමණක් පරිගණකයකින් හෝ ඒ ආශ්‍රිතව භාවිතා කරන උපකරණ වන Scanner, Digital Camera වැනි උපකරණයන් මගින් කරගන්නා කාර්යයන් කරගත හැකිවීම විශ්මයජනකයි.
මෙහි සංකීර්ණ මෙවලම් කිසිවක් යොදා නොගනී යොදාගනු ලබන්නේ , පොකට් ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් දර්පණයක් සහ කැමරාවක් සහ දෑතේ ඇගිලි වලින් කරන චලනයන් කැමරාවෙන් නිවැරදිව ග්‍රහණය කර ගැනීමට ඇගිලි තුඩු වල ඇලවීමට රතු,කහ,කොල හා නිල් ටේප් පටි කැබලි පමණි. මේවයින් මුලින් පැවසු මෙවලම් 3 බෙල්ලේ එල්ලා ගැනීමට හැකිවන සේ එකලස් කොට ඇති අතර කැමරාව සහ ප්‍රක්ෂේපණ යන්ත්‍රය සාක්කුවේ ඇති Web enabled smart phone එකට සම්බන්ධවේ.

Discover how THOUSAND of people like YOU are making a LIVING by staying home and are living their dreams right NOW.
ReplyDeleteSUBSCRIBE NOW