Showing posts with label Android. Show all posts
Showing posts with label Android. Show all posts
Thursday, December 25, 2014
Monday, December 15, 2014
Android Apps වල Notifications අක්රීය කිරීම
Android Apps වලින් දිනපතාම ලැබෙන Notifications සියලු කරදර කාරී App දැනුම්දීම් එපා වෙලාද? ඒවා ඔබේ දුරකථනයේ බැටරි ආරෝපණ තත්වය අඩු කළ හැකිය. ඔබට සමහර දැනුම්දීම් අක්රිය කිරීමට අවශ්ය නම්, අප ගූගල් උපකරණ හා සැම්සුන් උපාංග මත මෙය ඉටු කරන ආකාරය ඔබට පෙන්වන්නම්.
Using a Google Device
status bar එකේ දකුණු පැත්තෙන් පහලට Swipe කරන්න ඉන්පසු "Settings" අයිකනය ස්පර්ශ කරන්න.
මෙම "Settings" තිරයේ ඇති "Device" කොටසේ "App ස්පර්ශ කරන්න.
"Apps" තිරය මත, Apps තිබෙන ලැයිස්තුවෙන් notifications නතර කිරීමට අවශ්ය යෙදුම ස්පර්ශ කරන්න.
තෝරාගත් App එක සඳහා "APP info" තිරය පෙන්වයි. එහි check mark ලකුණ ඇති කොටුව තුල තියෙනවා "Show notifications" එම සලකුණ ක්‍රියාත්මකව පවතිනවා නම් එම සළකුණු කොටුව ස්පර්ශ කර අක්‍රිය කරගන්න.
ඊට පස්සේ ඒ දැනුම්දීම් අක්රිය කිරීමට අවශ්ය සහතික කිරීම සදහා OK කරන්න.
Using a Samsung Device
Samsung device මත app සඳහා දැනුම්දීම් අක්රීය කිරීමට, status bar එක පහලට swipe කර එම තිරයේ දකුණු පස ඉහළ කෙළවරේ ඇති Setting බොත්තම ස්පර්ශ කරන්න.
මෙම "Settings" තිරයේ ඇති "Applications"ක්ලික් කරන්න.
දැන් “Applications” screen එකේ තියෙන "Application manager" ක්ලික් කරන්න.
ඉන්පසු ලැබෙන තිරයේ ඔබේ සියලුම apps පෙන්නුම්කරයි. එම apps අතුරින් notifications අක්‍රිය කරීමට අවශ්‍ය app එක තෝරන්න.
තෝරාගත් App එක සඳහා "APP info" තිරය පෙන්වයි. එහි check mark ලකුණ ඇති කොටුව තුල තියෙනවා "Show notifications" එම සලකුණ ක්‍රියාත්මකව පවතිනවා නම් එම සළකුණු කොටුව ස්පර්ශ කර අක්‍රිය කරගන්න.
ඊට පස්සේ ඒ දැනුම්දීම් අක්රිය කිරීමට අවශ්ය සහතික කිරීම සදහා OK කරන්න.
Thursday, July 31, 2014
2014-July release උන Android themes
මෙන්න උණු උණුවෙන ගේනවා Android වල අලුතෙන්ම release වෙච්ච Themes ටික. ඔයාල ගොඩක් කැමති වෙයි. හරියටම කියනවානම් මේක release වුනේ අද 2014-July-31 release වෙච්ච ගමන්ම හිතුව ඔයාලටත් මේක දෙන්න ඕනේ කියලා. ලස්සන Themes ටිකක් තියෙනවා පහල රූප බලන්න.
Themes ටික හොදයිනම් දැන්ම Download කරගෙන Phone එකට දා ගන්න.
මෙම මෘදුකාංගය Download කරගන්න torrent මෘදුකාංගය අවශ්‍යය වේ. ඔබේ පරිගණකයේ මෙය ස්ථාපිත කර නොමැතිනම් පහල බලන්න.
ඔබේ පරිගණකයේ Torrent මෘදුකාංගය Install කරලා නැත්තන් මෙතනින් Download කරගන්න.(1 MB විතරයි)
| Total Size: | 36.29 MB | |
| File name: | Beautiful Android Themes (31-July-2014) | |
Comment එකකුත් දාන්න :p
Sunday, July 20, 2014
PC එකට Android Install කරමු
Android තාක්ෂනය අද ලෝකයේ ඉතා වේගයෙන් ප්‍රචලිත වෙමින් පවතිනවා. ඔබ Windows හෝ Linux භාවිතා කරන ආකාරයටම Android ද තවත් සාමාන්‍ය Virtual Machine එකක් ලෙස භාවිතා කළ හැකි බව ඔබ දන්නවද? මෙමගින් ඔබට ඔබගේ PC එක තුල සිට සම්පුර්ණ Android පසුබිමක් නිර්මාණය කරගෙන PC එකට Apps install කිරීම වැනි පහසුකම් බොහෝමයක් අත්විදීමට අවස්ථාව හිමිවෙනවා.
මෙය ඔබේ පරිගණකයේ ස්ථාපිත කිරීමට පෙර Virtual Box එක සහා Android-86 ISO එක install කරගෙන තිබීම අවශ්‍යයි.
Android Virtual Machine එකක් නිර්මාණය කිරීම
Virtual Box Download
Android-86 ISO Download
Virtual box එක Open කර එහි ඇති "New Button" එක click කිරීම මගින් නව Virtual Machine එකක් නිර්මාණය කරගත හැක. පසුව ඔබ සකසාගත් Virtual Machine එකෙහි Settings පහත පරිදි සදා ගන්න.
- Operating System - Linux - Linux 2.6
- Memory Size - 512 MB
- Hard Disk Size - 3 GB හෝ ඊට වැඩි
පසුව ඔබ සකසාගත් Virtual Machine එක Open කර Virtual Box එක Android-x86 ISO ලෙස තබන්න. එවිට ඔබගේ Virtual Machine එක තුළ Boot වීම සිදු වේවි. ඉන්පසු "installation Option යන්න තොර Enter කරන්න.
දැන් ඔබගේ Android System එක සදහා Partition එකක් සකසාගන්න. ඒ සදහා Create/Modify Partitions යන්න තෝරා enter කරන්න.
Arrow Keys මගින් "NEW" තෝරා Enter කිරීමෙන් නව partition එක අදාල හිස් ඉඩෙහි සාදාගන්න.
දැන් Primary යන්න තෝරා enter කරන්න. අදාළ Partition එක ඔබගේ Virtual Disk එකේ සම්පුර්ණ ඉඩ ලබාගැනීම සදහා නැවත enter කරන්න.
පසුව Bootable Options තෝරා ඒවා Highlight කර enter කිරීම මගින් Partition එක Bootable ආකාරයට පත් කරන්න.
දැන් Write යන්න තෝරා enter කර ඔබ විසින් සිදු කරන ලද වෙනස්කම් ස්ථිර කරන්න. මේ සදහා ඔබ YES යන්න type කර enter කරන්න.
පසුව නැවත Partition එකට ගමන් කිරීම සදහා Quit Active enter කරන්න. එවිට ඔබ සාදාගත් Partition එක තෝරා Enter කිරීම මගින් Android install කිරීම කළ හැක.
මෙහිදී PArtition එක Format කිරීම සදහා ext3 file System එක තෝරා "Yes" ලබාදෙන්න.
GRUB boot loader එක install කිරීම සදහා Yes යන්න තෝරා නැවත Yes යන්න තේරීම මගින් System Direc-tory එක read-write ලෙස install කරගන්න.
මේ සියල්ල සිදුකර අවශ්‍ය වූ විට ඔබට පුළුවන් ISO file ඉවත් කර ඔබගේ Virtual Machine එක reboot කර ගැනීමට.
මෙයද අනෙකුත් Operating System එකක් ලෙසින්ම Android ඔබගේ PC එක තුල boot වෙනු ඇති.
ඔබගේ Mouse එක තිරයේ නොපෙන්වුවහොත් Machine menu එක click කර Disable mouse inte-gration යන්න තෝරාගත් පසු Mouse එක තිරයේ දිස්වේ.
දැන් ඔබට සම්පුර්ණයෙන්ම Android පරිසරයකට පිවිසිය හැක.
Subscribe to:
Posts (Atom)





