Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Friday, August 1, 2014

ලොව විශාලතම මෘදුකාංග නිෂ්පාදන සමාගම් වර්ගීකරණය


01. International Business Machine [IBM]

ලොව විශාලතම හා පැරණිතම මෘදුකාංග නිෂ්පාදන සමාගම් අතර පළමු ස්ථානයේ සිටි.මෙය ඇමරිකාවේ පිහිටා ඇති අතර සේවකයින් ලක්ෂ 4 ක් පමණ සේවයේ යෙදේ. ඇමරිකාව තුල වැඩිම මෘදුකාංග සංකයාවකට හිමිකම් කියන්නේද මෙම ආයතනයයි.




02. Microsoft

ලෝකයේ ජනප්‍රියම මෘදුකාංග නිෂ්පාදන ආයතනයකි. මෙහි ප්‍රදාන ශාකාව ඇමරිකාවේ වොෂින්ටන් හි පිහිටා තිබේ. වින්ඩෝස් හා ඔෆිස් පැකේජ් හදුන්වාදුන් සමාගමක් ලෙස ප්‍රසිද්දවී ඇත. මෙම සාමාගම 1975 දී බිල් ගේස්ට් විසින් අරඹ කරන ලදී. මොහු මෘදුකාංග වෙළදාමෙන් ලැබූ ලාබය නිසා ලොව දනවත්ම පුද්ගලයා ද වේ.


03. Oracle Corporation

මෙය ඇමරිකාවේ සමාගමක් වන අතර ලොව පුරා විහිදී ඇති සමාගමකි. Data Based Management Systems සදහා විශිෂ්ට සමාගමකි. 


04. SAP AG

මේ සමාගම enterprise Level මෘදුකාංග නිෂ්පාදන ආයතනයක් වන අතර ජර්මානු සමාගමකි. එවකට IBM සමාගමේ සේවකයන් 5 දෙනෙකුගෙන් ආරම්බ කළ මේ සමාගම 1975 දී ආරම්බ කරන ලදී.



05. Symantec

මේ සමාගම පරිගණක ආරක්ෂණ මෘදුකාංග සදහා ප්‍රමුක ස්ථානයක් ගනී. ඇමරිකාවේ කැලිෆෝනියා හි පිහිටා ඇති මෙම සමාගම 1982 ආරම්බ කරන ලදී. නෝර්ටන් ඇන්ටිවයිරස් මෘදුකාංගයේ නිෂ්පාදන සමාගම වේ.


06. TATA Consultancy Services

මෙය ඉන්දියානු සමාගමක් වන අතර ඉන්දියාවේ ටාටා සමාගමේ එක් කොටසකි. ඉන්දියාවේ මුම්බායි හි ප්‍රදාන මුලස්ථානය පිහිටා තිබේ. මෙය සහායක මෘදුකාංග සමාගමක් වේ. රටවල් 42 පමණ විහිදුනු ශාකා ජාලයක් සතුය.



07. Nintendo

ජපාන සමාගමක් වේ. වීඩියෝ ක්‍රීඩා නිෂ්පාදන සමාගමක් ලෙස ප්‍රසිද්දවේ. 1889 ආරම්බ කළ මේ සමාගම ජාපානයේ කියොතෝහි මුලස්ථානය පිහිටා තිබේ. පරිගණක ක්‍රීඩා හා වීඩියෝ ක්‍රීඩා සදහා ප්‍රසිද්දියක් උසුලයි.


08. Ca technologies

කලින් Computer Associates Inc ලෙස තිබු මේ සමාගම 1976 දී ඇමරිකාවේ නිව්යෝක් වලදී ආරම්බ කරන ලදී. ප්‍රතිවයිරස මෘදුකාංග සමාගමක් ලෙස හා මේන්ෆ්‍රේම් පරිගණක, පැතුරුම් යෙදුම් මෘදුකාංග නිෂ්පාදන ආයතනයක් ලෙස ප්‍රසිද්දවී ඇත.


09. Adobe

1982 ඇමරිකාවේ ආරම්බ කරන සමාගමකි. ග්‍රැෆික් මෘදුකාංග හා චලන මෘදුකාංග නිෂ්පාදන සමාගමක් වේ. මේ අතරට සර්වර් මෘදුකාංග, වෙබ් නිර්මාණ මෘදුකාංග හා ෆොටෝෂොප් ජනප්‍රිය මෘදුකාංගය මෙම සමාගමේ නිෂ්පාදන වේ.


10. Electronic Arts Inc (EA)

වීඩියෝ ක්‍රීඩා නිෂ්පාදන සමාගමක් ලෙස කා අතරත් ජනප්‍රිය වේ. අපි හැමෝම අසාවෙන් ක්‍රීඩා කරපු Need For Speed, Medal of Honour, FIFA හා බොහෝ පරිගණක ක්‍රීඩා නිෂ්පාදනය කරපු මේ සමාගම 1982 දී ආරම්බ කරන ලදී. මේ සමාගමත් ඇමරිකාවේ පිහිටා තිබේ.

යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment