Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Related Posts Plugin for WordPress, Blogger...

Thursday, December 25, 2014

ඔබගේ Android Device මත Google Play Store හි Search and Apps History ඉවත් කරන ආකාරය

ඔබගේ Google Play Store හි මීට පෙර search කල app, චිත්‍රපට, පොත්, සංගීතය, ඔබේ Play Store account එකේ ගබඩා වේ. එසේම, ඔබ බාගත කළ සෑම App එකක්ම, නොමිලේ හෝ ගෙවා යන්න, ඔබේ "My Apps" ලැයිස්තුව තුළ ගබඩා වේ.

කලින් කලට, ඔබට Google Play Store Search History ඉවත් කිරීමට අවශ්‍ය විය හැක. ලැයිස්තුව සෑහෙන්න විශාල එකක් බවට පත් විය හැකි සහ පහසුවෙන් පාලනය කළ නොහැකි විය හැක. ඔබගේ Google Play Store ඕනෑම හේතුවක් නිසා, ගබඩා වී ඇති History ඉවත් කිරීමට අවශ්‍ය නම්, එය පහසු ක්‍රියාවලියක් වන අතර ඒ කෙසේ දැයි අපි ඔබට පෙන්වන්නම්.

Home screen මත ඇති Google Play Store අයිකනය ස්පර්ශ කරන්න.

Play Store Open උනාට පසු, තිරයේ ඉහළ වම් කෙළවරේ ඇති මෙනුව අයිකනය (ඉරි 3ක් සහිත මෙනුව) ස්පර්ශ කරන්න

 

 දැන් එම මෙනු එකේ ඇති “Settings” ක්ලික් කරන්න.

දැන් Search and Apps History ඉවත් කිරීමට Settings screen එකේ ඇති “Clear local search history.” touch කරන්න.

දැන් නැවතත් play store හි මුල් පිටුවට ගිහින් Search කොටුවෙහි ක්ලික් කර බලන්න History ඉවත් වෙලාද කියලා.

 

යාලුවන්ටත් බලන්න Share කරන්න
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

0 comments:

Post a Comment