
ඔයාලා දන්නවා ඇතිනෙ අපි සිංහල Font වලින් සිංහල ටයිප් කරද්දින්, Keyboard එක හරහා හල්අකුරු ටයිප් කිරීමට තරමක් අපහසු වනවා. එහෙමත් නැතිනම් Microsoft Office Package එකේ නම් Symbol පහසුකම ලබාගැනීමට සිදුවනවා. මෙයට අප විසදුම් විදිහට භාවිත කළේ Keyman නැමති යෙදවුම් මෘදුකාංගය. හ්ම් එහෙත් Windows 7 පැමැනීමෙන් පසු මෙම නව Operating System එක සදහා මෙය ක්‍රියාත්මක නොවීම ඇතැම් විට ඔබත් අපහසුතාවයට පත්වෙන්න ඇති.
අද මම ඔයාලට කියන්න යන්නෙ, අපිට මේ Keyman මගින් ලබාගත්ත පහසුකම් අපට සලසා දෙන කුඩා යෙදවුම් මෘදුකාංගයක් ගැන. Keyrep ලෙස හදුන්වන මෙම මෘදුකාංගය Keyman වලට වඩා බොහෝ පහසු වෙවී.

ඔබ භාවිත කරන Windows XP, Vista, 7 මේ Operating System සියල්ල සදහා ක්‍රියාත්මක වීම විශේෂයි. ගොඩක් දෙනෙකුට Adobe Photoshop සමග වැඩ කිරීමේදීත් මේ ප්‍රශ්න පැනනැගෙන්න ඇති. මේ Application එක යොදාගැනීමෙන් ඔබට ඒ ප්‍රශ්නය නිරාකරණය කරගත හැකියි.
Keyrep විවෘත කරගත්තට පස්සේ Enable හා Disable කරගන්න පහත ආකාරයේ වින්ඩෝවක් ලැබෙයි.

0 comments:
Post a Comment