කවුද අකමැති අන්තර්ජාලයට නොමිලේම සම්බන්ද වෙන්න. සුපිරි වෙළදසැල් අවන්හල් ගුවන් තොටුපල වල හා තවත් විවිද ව්‍යාපාරික ස්ථානවල Open Wi-Fi Network දැකගන්න පුළුවන්. සරලව කිවුවොත් Password එකක් නැතුව Wi-Fi Network ඔබට නිතර හමුවෙලා ඇති. ඒත් ඔබ දන්නවද මෙවැනි Network එතරම් ආරක්ෂාවක් නොමැති බව.
ඔයාලා පාවිච්චි කරන Lap top, Smart Phone, Tablet මේවායෙන් සම්බන්ද වීමේදී තරමක අවදානමක් තියෙනවා. ඔයාලා Open Wi-Fi Network එකකට සම්බන්ද වෙලා ඉන්න වෙලාවක ඕනෑම Hacker කෙනෙක්ට පුළුවන් ඔයාගේ දත්ත හොරකම් කරන්න. මේකෙන් බේරෙන්න ක්‍රම තියෙනවා අපි බලමු ඒ මොනවද කියලා.
මුලින්ම කරන්න ඕනේ ඔයාගේ පරිගණකයේ තියෙන මෘදුකාංග Update කරලා තියාගන්න එක. උදා:- Antivirus මෘදුකාංගය අලුත්ම Updates එක තිබිය යුතුයි..
දෙවනුව කළ යුත්තේ Sharing Off කරන එකයි. එක කරන්නේ මෙහෙමයි. Control Panel එකේ Network And Sharing Center වෙත පිවිසෙන්න. පසුව Change Advanced Sharing Setting ක්ලික් කරන්න. පසුව පහත රූප අනුගමනය කරන්න.

0 comments:
Post a Comment