කොහොමද යාලුවනේ ඔන්න ගොඩක් දවසකට පස්සේ හොද මෘදුකාංගයක් ලැබුනා. එක නිසා මේක ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතනවා. Video File එකකින් Audio එක වෙන් කරගන්න ඇත්තටම පුලුවන්ද? ගොඩක් අයට මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔව් එහෙම කරන්න පුළුවන්. මේ මෘදුකාංගය හරහා එක පහසුවෙන් කරගන්න පුළුවන් ඕනෑම Video File එකක් භාවිතා කරලා. එහෙනම් මේක බාගෙන ඉන්න. පාවිච්චි කරන විදිහ ඊට පස්සේ බලමු.
Install කරලා ඉවර වුනාට පස්සේ පහත විදිහට මෘදුකාංගය Open වෙයි.
දැන් ඉහල මෙනුවේ තියෙන File > Open වලට යන්න. එතනින් MP3 එක වෙන් කරගන්න ඕනවෙන Video File එක තෝරාගන්න.

ඊට පස්සේ වම පස තියෙන Audio Output මෙනුවෙන් Mp3(lame) තෝරන්න.
දැන් ඊට පහලින් තියෙන “Configure” button එක ක්ලික් කරලා Mp3 File එකේ quality එක ඔබේ කැමැත්ත පරිදි වෙනස් කරගන්න.
අවසාන වශයෙන් ඉහල මෙනුවේ තියෙන Audio ක්ලික් කරලා Save Audio ලබාදී අවසානයේ File එකට නමක් දීලා නම අවසානෙට ".Mp3" දීලා Save කරගන්න.

0 comments:
Post a Comment